“සො වත භික‍්ඛවෙ භික‍්ඛු කඤ‍්චි සඞ‍්ඛාරං නිච‍්චතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. අනුලොමිකාය ඛන‍්තියා අසමන‍්නාගතො, සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. සම‍්මත‍්තනියාමං අනොක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
සො වත භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බසඞ‍්ඛාරං අනිච‍්චතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. සම‍්මත‍්තනියාමං ඔක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජතීති.” (අනිච්ච සූත්‍රය – අ. නි. 4)
“මහණෙනි, යම් භික්ෂුවක් කුමන හෝ සංස්කාරයක් නිත්‍ය වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්වාගත වීම ඒකාන්තයෙන්ම සිදුවන්නේ ය’ යන කරුණ විද්‍යමාන නොවේ. අනුලෝම ඛන්තිය සමන්වාගත නොවූවිට සම්මත්ත නියාමයට බැසගන්නේ ය යන කරුණ විද්‍යමාන නොවේ. සම්මත්ත නියාමයට බැස නොගන්නා විට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යමාන නොවේ.
මහණෙනි, යම් භික්ෂුවක් සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්වාගත වීම ඒකාන්තයෙන්ම සිදු වන්නේ ය යන කරුණ විද්‍යමාන වේ. අනුලෝම ඛන්තිය සමන්වාගත වූ විට සම්මත්ත නියාමයට බැසගන්නේ ය යන කරුණ විද්ධමාන වේ. සම්මත්ත නියාමයට බැසගන්නා විට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේ ය යන කරුණ විද්‍යමාන වේ.”
“සො වත භික‍්ඛවෙ භික‍්ඛු කඤ‍්චිසඞ‍්ඛාරං සුඛතො සමනුපස‍්සන‍්තො -පෙ- නෙතං ඨානං විජ‍්ජති.
සො වත භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බසඞ‍්ඛාරං දුක‍්ඛතො සමනුපස‍්සන‍්තො -පෙ- ඨානමෙතං විජ‍්ජති.” (දුක්ඛ සූත්‍රය – අ. නි. 4)
“මහණෙනි යම් භික්ෂුවක් කුමන හෝ සංස්කාරයක් සැප වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්වාගත වීම ඒකාන්තයෙන් ඒකාන්තයෙන් ම සිදු වන්නේ ය යන කරුණ විද්‍යාමාන නොවේ. අනුලෝම ඛන්තිය සමන්වාගත නොවූ විට සම්මත්ත නියාමයට බැසගන්නේ ය යන කරුණ විද්‍යාමාන නොවේ. සම්මත්ත නියාමයට බැස නොගන්නා විට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන නොවේ.
මහණෙනි, යම් භික්ෂුවක් සියලු සංස්කාරයන් දුක් වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්වාගත වීම ඒකාන්තයෙන් ම සිදු වන්නේ ය යන කරුණ විද්‍යමාන වේ. අනුලෝම ඛන්තිය සමන්වාගත වූ විට සම්මත්ත නියාමයට බැසගන්නේ යන කරුණ විද්‍යමාන වේ. සම්මත්ත නියාමයට බැසගන්නා විට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන වේ.”
“සො වත භික‍්ඛවෙ භික‍්ඛු කඤ‍්චිධම‍්මං අත‍්තතො සමනුපස‍්සන‍්තො -පෙ- නෙතං ඨානං විජ‍්ජති.
සො වත භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බධම‍්මං අනත‍්තතො සමනුපස‍්සන‍්තො -පෙ- ඨානමෙතං විජ‍්ජති.” (අනත්ත සූත්‍රය – අ. නි.)
“මහණෙනි, යම් භික්ෂුවක් කුමන හෝ ස්වභාවයක් ආත්ම වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්වාගත වීම ඒකාන්තයෙන්ම සිදු වන්නේ ය යන කරුණ විද්‍යාමාන නොවේ. අනුලෝම ඛන්තිය සමන්වාගත නොවූ විට සම්මත්ත නියාමයට බැසගන්නේ ය යන කරුණ විද්‍යමාන නොවේ. සම්මත්ත නියාමයට බැස නොගන්නා විට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණු විද්‍යාමාන නොවේ.
මහණෙනි, යම් භික්ෂුවක් සියලු ස්වභාවයන් අනාත්ම වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්වාගත වීම ඒකාන්තයෙන් ම සිදු වන්නේ ය යන කරුණ විද්‍යමාන වේ. අනුලෝම ඛන්තිය සමන්වාගත වූ විට සම්මත්ත නියාමයට බැසගන්නේ ය යන කරුණ විද්‍යමාන වේ. සම්මත්ත නියාමයට බැසගන්නා විට සෝවාන් සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කර ගන්නේ යන කරුණ විද්‍යාමාන වේ.”
“සො වත භික‍්ඛවෙ භික‍්ඛු නිබ‍්බානං දුක‍්ඛතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති. අනුලොමිකාය ඛන‍්තියා අසමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සම‍්මත‍්තනියාමං අනොක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.
සො වත භික‍්ඛවෙ භික‍්ඛු නිබ‍්බානං සුඛතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජති. සම‍්මත‍්තනියාමං ඔක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතී’ති ඨානමෙතං විජ‍්ජතීති.” (නිබ්බාන සූත්‍රය – අ. නි. 4)
“මහණෙනි, යම් භික්ෂුවක් නිවීම දුක් වශයෙන් සම්මර්ශනය කරන්නේනම් අනුලෝම ඛන්තියට සමන්නාගත වීම ඒකාන්තයෙන් ම සිදු වන්නේ ය යන කරුණ විද්‍යමාන නොවේ. අනුලෝම ඛන්තිය සමන්වාගත නොවූ විට සම්මත්ත නියාමයට බැසගන්නේ ය යන කරුණ විද්‍යමාන නොවේ. සම්මත්ත නියාමයට බැස නො ගන්නා විට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේය යන කරුණ විද්‍යාමාන නොවේ.
මහණෙනි, යම් භික්ෂුවක් නිවීම සැප වශයෙන් සම්මර්ශනය කරන්නේ නම් අනුලෝම ඛන්තියට සමන්වාගත වීම ඒකාන්තයෙන් ම සිදු වන්නේ ය යන කරුණ විද්‍යමාන වේ. අනුලෝම ඛන්තිය සමන්වාගත වූ විට සම්මත්ත නියාමයට බැසගන්නේ යන කරුණ විද්‍යමාන වේ. සම්මත්ත නියාමයට බැස ගන්නා විට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයන් පසක් කරන්නේ යන කරුණු විද්‍යමාන වේ.”
මේ සූත්‍ර දේශනා හතර තුළින් ම හමුවන විශේෂ වචනයක් තිබේ. එනම් “සමනුපස්සති” යන වචනයයි. පාලි ව්‍යාකරණ අනුව එය ඒ ඒ තැන් යෙදෙන අයුරින් පැහැදිලි වේ. එසේ ම සක්කාය දිට්ඨිය විග්‍රහ කරන තැන්හි ද එම වචනය ඉස්මතු වේ. එය ඉදිරියේ දී හමු වේ. මෙම “සමනුපස්සති” යන වචනය හා තවත් සුවිශේෂ වචනයක් ලෙස “පජානාති” යන වචනය, එකට විස්තර වීමක් චූලසුඤ්ඤත සූත්‍රයේ දී හමු වේ. සමනුපස්සති වචනයේ අදහස හා තථාගතයන් වහන්සේ එය ඉස්මතු කර ඇති ආකාරය ගැන පැහැදිලි කර ගැනීමට පජානාති යන වචනය ද උපකාරී කර ගනිමු.
“සො සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤායාති පජානාති. සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤායාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ‍්ඤතං යදිදං ඉමමෙව කායං පටිච‍්ච සළායතනිකං ජීවිතපච‍්චයාති. ඉති යං හි ඛො තත්‍ථ න හොති. තෙන තං සුඤ‍්ඤං සමනුපස‍්සති. යං පන තත්‍ථ අවසිට‍්ඨං හොති. තං සන‍්තමිදං අත්‍ථීති පජානාති.” (චූලසුඤ්ඤත සූත්‍රය – ම. නි. 3)
“ඔහු ආකිඤ්චඤ්ඤායතන සංඥා පිළිබඳව වූ සංඥාගතය ශුන්‍ය යයි පජානාති වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා පිළිබඳව ඔහු සංඥාගතය ශුන්‍ය යයි පජානාති වේ.”
“පජානාති පජානාතීති ඛො ආවුසො, තස‍්මා පඤ‍්ඤවාති වුච‍්චති. කිඤ‍්ච පජානාති? ඉදං දුක‍්ඛන‍්ති පජානාති, අයං දුක‍්ඛසමුදයොති පජානාති, අයං දුක‍්ඛනිරොධොති පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති පජානාති. පජානාති පජානාතීති ඛො ආවුසො, තස‍්මා පඤ‍්ඤවාති වුච‍්චති.” (මහාවෙදල්ල සූත්‍රය – ම. නි. 1)
“ඇවැත්නි යම්සේ ප්‍රඥාවන්ත වේද පජානාති පජානාතී යැයි කියනු ලැබේ. කුමක් පජානාති වේද? ‘මේ දුක යැයි පජානාති වේ මේ දුක හට ගැනීම යැයි පජානාති වේ. මේ දුක නිරෝධ යැයි පජානාති වේ. මේ දුක්ඛනිරෝධගාමිණී පටිපදාව යැයි පජානාති වේ’ යන මෙකරුණෙන්, ඇවැත්නි ප්‍රඥාවන්ත වේ යැයි කියනු ලැබේ.”
පජානාති යන වචනයට තථාගත දහමේ දී ඇති අර්ථය මහා වේදල්ල සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. එනම් එතෙර වන මාර්ගයේ වූ මූලික අංගය වන සම්මා දිට්ඨියයි. ලෝකයෙන් එතෙර වන (ස්වකීයත්වය සහ ස්වකීයත්ව නිරෝධය ප්‍රඥාවෙන් දකින විදියයි.) ආකාරයට නිවැරදිව දකින විදිය යි. තථාගතයන් වහන්සේට ආවේණික දහම වන ලෝකෝත්තර ධර්ම විග්‍රහය (සක්කාය නිරෝධ දහම) තුළ, පජානාති යන වචනය යෙදෙන විට ඉහත අරුත ඉස්මතු වන ලෙස පැහැදිලි කර ඇත. එනමුදු මෙය ද ලෝකය තුළ ව්‍යවහාර වූ වචනයකි. බුදුරජාණන් වහන්සේලා ලෝකයට අලුතින් වචන හඳුන්වා දුන්නේ නැත. ඒ ඒ සමාජ ව්‍යවහාර කරන වචන තුළින් එතෙර වන මාර්ගය ඉපද වූ සේක. ‘සමනුපස්සති’ යන වචනය ද ලෝකය තුළ ව්‍යවහාර වූ වචනයකි. එහි තථාගතයන් වහන්සේ පෙන්වා දුන් (එතෙර වන ආකාරයට) අර්ථය වටහා ගැනීමට ප්‍රථම ලෝකයේ අර්ථයන් ද විමසා බලමු. ‘පජානාමි’ යන වචනය යෙදෙන්නේ උත්තම පුරුෂයේ ක්‍රියාවක් ලෙසිනි. එය ලෝකය තුළ සිටින කෙනෙක්, තමා සිදුකරන ක්‍රියාවකි. එය ලෝකයා ව්‍යවහාර කළ අතර ලෝකය තුළ සිටින බුදුරජාණන් වහන්සේ ද රහතන් වහන්සේලා ද එලෙස ව්‍යවහාර කළහ.
“පජානාති” ලෙස යෙදෙන්නේ ප්‍රථම පුරුෂ ක්‍රියාවකි. එය ද ලෝකය තුළ වූ තවත් කෙනෙකුගේ ක්‍රියාවක් ව්‍යවහාර කිරීමකි. මෙම වචනය ද බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේලාත් ලෝකය තුළ දී ඔවුනොවුන් පිළිබඳ ව ව්‍යවහාර කිරීමට භාවිත කළ සේක.
උදා: අහං පජානාමි, අග්ගඤ්ඤඤ්චාහං භග්ගව පජානාමි.
සමණො පජානාති, …..යථාකම්මූපගෙ සත්තේ පජානාති.
මේ ආකාරයටම “සමනුපස්සති” වචනයද “සමනුපස්සති” සහ “සමනුපස්සාමි” ලෙස ලෝකයේ ව්‍යවහාර කර ඇත. බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ලෝකය තුළ දී එලෙස ව්‍යවහාර කර ඇත.
උදා: අහං සමනුපස්සාමි
“නාහං භික්ඛවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි”
සමණො සමනුපස්සති.
“භික්ඛු එවං සීල සම්පන්නො න කුතොචි භයං සමනුපස්සති.”
ඉහත පෙන්වූ වචන දෙක, එම වෙන් වෙන් වූ ආකාර තුළින් තථාගතයන් වහන්සේ ඇතුළුව ඇතුළු සියලුම දෙනා ලෝක ව්‍යවහාරයෙන් භාවිත කර ඇත. තථාගතයන් වහන්සේට පමණක් ආවේණික වූ සක්කාය නිරෝධ ධර්මය, ප්‍රතිපදාව ලෙසට පෙන්වන විට දී “පජානාමි”, “සමනුපස්සාමි” ලෙස භාවිත නොවේ. (සතිපට්ඨාන සූත්‍රය ආදී දේශනා තුළ දී ලෝකෝත්තර මාර්ගයට එළඹීම සඳහා ලෝකය තුළ තම තමන්ට ප්‍රත්‍යක්ෂ වන කරුණක් ඇති බව ගැනීම සිදුවේ. එසේ ලෝකය ප්‍රකට වන කරුණක් පාදක කරගෙන මාර්ගය ඉස්මතු කර ඇත. උදා: ‘ගච්ඡන්තො වා ගච්ඡාමීති පජානාති’). මන්දයත් එහි සක්කාය තහවුරු වීමෙන් “තමා” (මම) කර්තෘ ලෙස ඉස්මතු වේ. එය ලෝකයේ ම වේ. යෝනිසෝ මනසිකාරයට හේතු වන ලෙස ලෝකෝත්තර ධර්ම විග්‍රහය පෙන්වන සියලු තැන්හි “පජානාති” සහ “සමනුපස්සති” ලෙස පෙන්වා ඇති අතර එහි යෙදීම අනුව ව්‍යාකරණ රීතිය අනුව ප්‍රථම පුරුෂයෙන් ඉදිරිපත් කර ඇත. සක්කාය නම් නම් වූ ස්වකීයත්වය ඉක්මවන ධර්මයක් දේශනා කරන විට “තමා” (මම) ප්‍රධානව පවතින ක්‍රියාවක් තහවුරු වූයේ නම් එය සක්කාය නිරෝධ දහමක් නොවේ. ලෝකෝත්තර දහම පෙන්වන විට “පජානාති” අර්ථය මහා වෙදල්ල සූත්‍රය සූත්‍රයෙන් මනාව පැහැදිලි විය. එම කරුණ හා සම්බන්ධ කරගෙන චූලසුඤ්ඤත සූත්‍රය තුළින් “සමනුපස්සති” වචනය අර්ථය වටහා ගැනීමට උත්සාහ කරමු.
“ඉධ භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො පඨවිං පඨවිතො සඤ‍්ජානාති. පඨවිං පඨවිතො සඤ‍්ඤත්‍වා පඨවිං මඤ‍්ඤති. පඨවියා මඤ‍්ඤති. පඨවිතො මඤ‍්ඤති. පඨවිං මෙති මඤ‍්ඤති. පඨවිං අභිනන්‍දති. තං කිස‍්ස හෙතු? අපරිඤ‍්ඤාතං තස‍්සාති වදාමි. (මූලපරියාය සූත්‍රය – ම. නි. 1)
“මහණෙනි අශ්‍රැතවත් පෘතග්ජනයා ආර්යයන් නොදකින්නේ වෙයි. ආර්ය ධර්මයෙහි අධක්ෂ වේ. ආර්ය ධර්මයෙහි නො හික්මෙයි. සත්පුරිෂයන් නොදකින්නේ වෙයි. සත්පුරිෂ ධර්මයෙහි අධක්ෂ වෙයි. සත්පුරිෂ ධර්මයෙහි නො හික්මෙයි. (ඔහු) පඨවිය පඨවි වශයෙන් හඳුනා ගනී. පඨවිය පඨවි වශයෙන් හඳුනාගෙන පඨවි ලෙස හඟියි. පඨවියෙහි යැයි හඟියි. පඨවියෙන් යැයි හඟියි. පඨවිය මගේ යැයි හඟියි. පඨවිය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින් ද යත් පිරිසිඳ නොදත් හෙයින් යැයි වදාරමි.”
“යොපි සො භික‍්ඛවෙ භික‍්ඛු සෙඛො අප‍්පත‍්තමානසො අනුත‍්තරං යොගක‍්ඛෙමං පත්‍ථයමානො විහරති. සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ‍්ඤාය පඨවිං මාමඤ‍්ඤි. පඨවියා මාමඤ‍්ඤි. පඨවිතො මාමඤ‍්ඤි. පඨවිං මෙති මාමඤ‍්ඤි. පඨවිං මාභිනන්‍දි. තං කිස‍්ස හෙතු? පරිඤ‍්ඤෙය්‍යං තස‍්සාති වදාමි.” (මූලපරියාය සූත්‍රය – ම.නි. 1)
“මහණෙනි, යම් භික්ෂුවක් සේඛ වේද, අනුත්තර වූ නිවීම අපේක්ෂාවෙන්, ප්‍රාර්ථනාවෙන් වාසය කරයි. ඔහු පඨවිය පඨවි වශයෙන් අභිජානාති වේ. පඨවිය පඨවි වශයෙන් විශේෂයෙන් අවබෝධ කරගෙන පඨවි ලෙස මාමඤ්ඤි වෙයි (පඨවි හැඟීමේ වැරැද්ද දැක හික්මෙයි). පඨවියෙහි යැයි මාමඤ්ඤි වෙයි. පඨවියෙන් යැයි මාමඤ්ඤි වෙයි. පටවිය මාභිනන්දි වෙයි. (පඨවි අභිනන්දනයේ වැරැද්ද දැක හික්මෙයි). ඒ කවර හෙයින්ද යත් පිරිසිඳ දත් හෙයින් යැයි වදාරමි.”
ආර්‍ය ශ්‍රාවකයාට, පෘතග්ජනයාට වෙනස්ම වූ ආකාරයට සංඛතය ( සකස් වූ) පිළිබඳව දැක්මක් ඇත. එම දැක්ම පිළිබඳව විස්තරය එතෙර වන මාර්ග අංගයෙන් දැකීම (සම්මා දිට්ඨියෙන්) සිදුවන ආකාරය මූල පරියාය සූත්‍රය තුළ පැහැදිලි වේ.
“කිත්තාවතා පන භන්තෙ, ඨානාඨානකුසලො භික්ඛූති අලං වචනායාති.
ඉධානන්‍ද, භික‍්ඛු: අට‍්ඨානමෙතං අනවකාසො, යං දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො කඤ‍්චි සඞ‍්ඛාරං නිච‍්චතො උපගච‍්ඡෙය්‍ය, නෙතං ඨානං විජ‍්ජතී’ති පජානාති. ඨානං ච ඛො එතං විජ‍්ජති යං පුථුජ‍්ජනො කඤ‍්චි සඞ‍්ඛාරං නිච‍්චතො උපගච‍්ඡෙය්‍ය, ඨානමෙතං විජ‍්ජතී’ති පජානාති.” (බහුධාතුක සූත්‍රය – ම. නි. 3)
“ස්වාමීනි, කොපමනකින් ඨාන අට්ඨාන කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වේද?
ආනන්ද මෙහිලා භික්ෂුව ඒකාන්තයෙන්ම සිදුනොවන්නක් ලෙස මෙසේ මනාව දැකගනී. යම් දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් (සෝතාපන්න) කුමන හෝ සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගැනීමකට පැමිනේ යැයි යන කරුණ කිසිදු ලෙසකින් විද්‍යාමාන නොවේ. යම් පෘතග්ජන පුද්ගලයෙක් කුමන හෝ සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගැනීමකට පැමිණේ යැයි යන කරුණ ඒකාන්තයෙන් විද්‍යාමාන වන්නක් යැයි මනාව දැන ගනී.”
සම්මා දිට්ඨියෙන් යුතු සේක පුද්ගලයෙක් කිසිදු ලෙසකින් නිත්‍ය, සැප, ආත්ම වශයෙන් හඳුනා නොගන්නා බවද බව ද යොමු නො වන බව ද පැහැදිලි වේ. එසේ වූ ආර්ය ශ්‍රාවකයා තථාගත දහමට අනුව නිවීමේ වැඩපිළිවෙළ පුරුදු කරන විට තම තමන්ට ගෝචර වන සංඛත ලෝකය දකින ආකාරය වන සම්මා දිට්ඨියෙන් පජානාති වේ. මේ පජානාති යන වචනය ඉදිරිපත් වන අර්ථය ලෝකෝත්තර මාර්ග අංගය වන සම්මා දිට්ඨිය වේ. එය ලෝකය තුළ පවතින්නක් නොව ලෝකයෙන් එතෙර වන මාර්ග අංගය වේ.
“සෙය්‍යථාපි භික‍්ඛු රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං දළ‍්හුද‍්දාපං දළ‍්හ පාකාරතොරණං ඡද‍්වාරං. තත්‍රස‍්ස දොවාරිකො පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී අඤ‍්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා. පුරත්‍ථිමාය දිසාය ආගන‍්ත්‍වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්‍ය: “කහත්‍ථම‍්භො පුරිස, ඉමස‍්ස නගරස‍්ස නගරසාමී”ති? සො එවං වදෙය්‍ය: එසො භන‍්තෙ මජ‍්ඣෙ සිංඝාටකෙ නිසින‍්නොති.” (කිංසුකොපම සූත්‍රය ස.නි.)
“මහණ, යම්සේ රජකු ගේ දැඩි පවුරු සහිත ඇති මනා උපකාර ඇති පවුරු තුළ දොරවල් හයක් ඇති නගරයක් වේ. එහි පණ්ඩිත වූ, ව්‍යක්ත වූ, නුවණැති හඳුනා නැති අය වළක්වන, හඳුනන අය ඇතුළු කරවන කර වනවන දොරටු පාලකයෙකු වේ. සීඝ්‍ර ගමන් ඇති දූත යුවලක් පෙරදිගින් ඇවිත් ඒ දොරටු පාලකයාගෙන් මේ නුවර හිමියා කොහෙදැයි විමසන්නේය. ඔහු මෙසේ පවසයි. ස්වාමීනි නගර මැද වූ සිවු මංසලෙහි සිටී.”
“අථ ඛො තං සීඝං දූතයුගං නගරසාමිස‍්ස යථාභූතං වචනං නිය්‍යාතෙත්‍වා යථාගතමග‍්ගං පටිපජ‍්ජෙය්‍ය. පච‍්ඡිමාය දිසාය ආගන‍්ත්‍වා සීඝං දූතයුගං -පෙ- උත‍්තරාය දිසාය ආගන‍්ත්‍වා සීඝං දූතයුගං -පෙ- දක‍්ඛිණාය දිසාය ආගන‍්ත්‍වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්‍ය: “කහත්‍ථම‍්භො පුරිස ඉමස‍්ස නගරස‍්ස නගරසාමීති? සො එවං වදෙය්‍ය: “එසො භන‍්තෙ මජ‍්ඣෙ සිංඝාටකෙ නිසින‍්නො”ති. අථ ඛො තං සීඝං දූතයුගං නගරසාමිස‍්ස යථාභූතං වචනං නීය්‍යාතෙත්‍වා යථාගතමග‍්ගං පටිපජ‍්ජෙය්‍ය.”
“එකල්හි ඒ සීඝ්‍ර දූත යුවල නුවර ස්වාමියාට ඇති සැටි වූ වචනය පවරා දී ආ මගටම පිළිපන්නේය. සීඝ්‍ර දූත යුවලක් පෑළදිගින් ඇවිත්… උතුරු දිගින් අවුත්…. දකුණු දිගින් ඇවිත් ඒ දොරටුපල්ලා ට ඒ දොරටු පාලකයා ගෙන් මේ නුවර හිමියා කොහෙදැයි විමසන්නේය. ඔහු මෙසේ පවසයි. ස්වාමීනි නගර මැද වූ සිවුමංසලෙහි සිටියි. එකල්හි ඒ සීඝ්‍ර දූත යුවළ නුවර ස්වාමියාට ඇති සැටි වූ වචනය පවරා දී හා මගටම පිළිපන්නේය.”
“උපමා ඛො ම්‍යායං භික‍්ඛු කතා අත්‍ථස‍්ස විඤ‍්ඤාපනාය. අයඤ‍්චෙත්‍ථ අත්‍ථො: නගරන‍්ති ඛො භික‍්ඛු ඉමස‍්සෙතං චාතුමහාභූතිකස‍්ස කායස‍්ස අධිවචනං. මාතාපෙත‍්තිකසම‍්භවස‍්ස ඔදනකුම‍්මාසූපචයස‍්ස අනිච‍්චුච‍්ඡාදන පරිමද‍්දන භෙදන විද‍්ධංසන ධම‍්මස‍්ස. ඡද‍්වාරන‍්ති ඛො භික‍්ඛු, ඡන‍්නෙතං අජ‍්ඣත‍්තිකානං ආයතනානං අධිවචනං. දොවාරිකොති ඛො භික‍්ඛු සතියා එතං අධිවචනං. සීඝං දූතයුගන‍්ති ඛො භික‍්ඛු සමථවිපස‍්සනානෙතං අධිවචනං. නගරසාමීති ඛො භික‍්ඛු විඤ‍්ඤාණස‍්සෙතං අධිවචනං. මජ‍්ඣෙ සිඞ‍්ඝාටකොති ඛො භික‍්ඛු චතුන‍්නෙතං මහාභූතානං අධිවචනං: පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. යථාභූතවචනන‍්ති ඛො භික‍්ඛු නිබ‍්බානස‍්සෙතං අධිවචනං. යථාගතමග‍්ගොති ඛො භික‍්ඛු අරියස‍්සෙතං අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස අධිවචනං සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨියා -පෙ- සම‍්මාසමාධිස‍්සාති.”
“මහණෙනි, අර්ථ පෙන්වීම පිණිස මා විසින් මේ උපමාව දේශනා කරන ලදී. ඒ මේ අරුතයි. මහණෙනි, නුවර යනු මවුපියන් ගෙන් හටගත් මවුපියන්ගෙන් හටගත් බතින් හා ව්‍යංජන වලින් වැඩුණු අනිත්‍ය වූ, ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, වැනසීම් ස්වභාව කොට ඇති සතර මහා භූතමය වූ මේ සිරුරට නමකි. මහණ, සය දොරටුව යනු අධ්‍යාත්මික ආයතන හයට නමකි. මහණෙනි, දොරටුපල්ලා යනු සිහියට නමකි. මහණ, සීඝ්‍ර දූත යුවල යනු සමථ විපස්සනා වන්ට නමකි. මහණ, නුවර හිමියා යනු විඤ්ඤාණයට නමකි. මහණ, මැද සිව්මංසල යනු පඨවි ධාතුවට ද ආපෝ ධාතුවට ද තේජෝ ධාතුවටද වායෝ ධාතුවට ද යන සතර මහා ධාතූන්ට නමකි. මහණෙනි ඇති සැටි වූ වචනය යනු නිවනට නමකි. මහණෙනි, ආ මගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. එනම් සම්මා දිට්ඨියට…… සම්මා සමාධියට ද මේ නමකි යි”
මේ දේශනාව තුළින් මාර්ගය හා මාර්ගය තුළ වූ සමථ විපස්සනාවන් කෙනෙකුට අයිති නැති බව හොඳින්ම පැහැදිලි වේ. එම එතෙර වන මාර්ග අංගයේ සම්මා දිට්ඨියෙන් ශුඤ්ඤතාවයත්, අශුඤ්ඤතාවයත් මනාව දැන ගන්නා ආකාරය චූල සුඤ්ඤත සූත්‍රයේ දී පැහැදිලි විය. නමුත් එම ශුඤ්ඤතාවය සිදුවීමේ ක්‍රියාව ‘සමනුපස්සති’ එලෙස පැහැදිලි වේ. ඉහතින් පෙන්වූ අනිත්‍ය ආදී සූත්‍ර තුළත් ‘සමනුපස්සන්තො’ ලෙස පැහැදිලි වේ. සක්කාය දිට්ඨිය විස්තර කරන විටත් ‘රූපං අත්තතෝ සමනුපස්සති’ ලෙස පැහැදිලි වේ. මේ පිළිබඳව වැඩි විස්තර පසුවට ඉදිරිපත්වේ. මෙසේ සක්කාය දිට්ඨිය යෙදෙන ආකාරය පෙන්වීමේදී එම සංදර්භය සමඟ ‘සමනුපස්සති’ ලෙස පැහැදිලි කර ඇත.
අනිත්‍ය, නිත්‍ය, සැප, දුක, ආත්ම, අනාත්ම, නිබ්බාන දුක්ඛ, නිබ්බාන සුඛ ආදී සම්මර්ශනයන් යෙදෙන ආකාරය පෙන්වීමේදී ත් එම සංදර්භයන් සමඟ ‘සමනුපස්සති’ ලෙස පැහැදිලි කර ඇත.
එම යෙදෙන ආකාරය ‘පජානාති’ වීම යනු එතෙර වන මාර්ග අංගයේ සම්මා දිට්ඨිය වේ.
සක්කාය දිට්ඨිය ද ඒ ආකාරයටම ‘පජානාති’ වීමෙන් සක්කාය දිට්ඨිය දුරුවන ප්‍රතිපදාවට යොමු වන බව මහාමාලුඞක්‍ය සූත්‍රයේ පැහැදිලි වේ. එය ද ඉදිරියේ දී පැහැදිලි කරනු ලැබේ.
මේ ‘සමනුපස්සති’ යන වචනය පැහැදිලි කර ගැනීම සඳහා පහත උපමාව යොදා ගනිමු.
“අනුරාධපුර නගරයේ සිට කොළඹ නගරයට යම් පුද්ගලයෙක් වාහනයකින් ගමන් කරන බව සිතන්න. එවිට කොළඹ නගරයේ සිටින පිරිසට තමන් අනුරාධපුරයේ සිට පැමිණි බව පවසයි. එය ව්‍යවහාරික ලෝකය තුළ සත්‍යයකි. නමුත් එම පුද්ගලයා කිසිදු ලෙසකින් තමන්ගේ ගමන් කරන ක්‍රියාවෙන් (ඇවිදිමින්) අනුරාධපුර සිට කොළඹට පැමිණියේ නැත. ඔහු වාහනය තුළ සිටියා පමණි. වාහනය අනුරාධපුරයේ සිට කොළඹට පැමිණියේය. මෙසේ කෙනෙක් පැහැදිලි කරන විට සත්‍ය බව පිළිගනියි. ‘මම පැමිනියේ නැත වාහනය පැමිණියා’ පෙර කියූ ව්‍යවහාරිකත්වයට වඩා මෙය සත්‍ය වේ. එනමුදු වාහනය ගමන් කරන ආකාරය පිළිබඳව ඔහු තුළ කිසිදු වැටහීමක් නැත. නමුත් තමුන්ට පෙනෙන දේ අනුව පවසයි. එයත් තවත් සිතීමකින් සාමාන්‍ය ව්‍යවහාරිකත්වයට එහා ගිය වෙනත් ව්‍යවහාරිකත්වයකි. වාහනයේ ක්‍රියාකාරිත්වය මනාව දන්නා ඉංජිනේරුවරයෙක් මේ ආකාරයටම වාහනයේ පැමිණි බව පවසයි. එය ඔහු පවසන්නේ හුදු ව්‍යවහාරයකින් තොරව සත්‍ය වූ සිදුවීම දැන ඒ අනුව ම ය. මේ ඉංජිනේරුවරයාට ගමන් කිරීමේ සත්‍ය ඒ ආකාරයටම වැටහී ඇත. එනමුදු ඔහු ද ගමන් කිරීම නැමැති සිද්ධියට සම්බන්ධ නොවේ. එය සිදුවන්නේ වාහනයෙනි. නමුත් වාහනය එය නොදනී. නමුත් ගමන් කිරීම සිදුවේ.”
- අනුරාධපුරයේ සිට කොළඹට තමන් පැමිණි බව පැවසීම සාමාන්‍ය ව්‍යවහාරික ලෝකයයි
- අනුරාධපුරයේ සිට කොළඹට වාහනය ගමන් කිරීම නිසා පැමිණි බව වැටහීම සාමාන්‍ය ව්‍යවහාරික ලෝකය ඉක්මවා තවත් ලෝක ව්‍යවහාරය කම යෙදීමකි. මන්ද යත් වාහනය ගමන් කිරීමේ කෘත්‍ය නිවැරදිව නොදන්නා බැවිනි.
- ගමන් කිරීමේ සිදුවීම වාහනයේ සිදුවේ එනමුදු වාහනය එය නොදනී.
- වාහනය ගැන දන්නා ඉංජිනේරුවරයා ඒ ඒ කොටස් වල ක්‍රියාකාරිත්වය මනාව සෙවීම තුලින් සම්පූර්ණයෙන්ම වාහනය ගමන් කරන බව මනාව අවබෝධ කරගනී. එසේ අවබෝධ කර ගන්නා ඔහු වාහනය නොවේ. ඔහු ගමන් කිරීමේ ක්‍රියාවට ද අදාළ නැත. නමුත් ගමන් කිරීමේ ක්‍රියාව මනාව දැන ගැනීම සිදුවී ඇත. එම ගමන් කිරීමේ ක්‍රියාවෙන් ඉක්ම වී ඔහු ගමන් කිරීමේ ක්‍රියාව අවබෝධ කරගෙන ඇත. එය වාහනයට ද අදාළ නැත
මේ උපමාවට මෙසේ උපමේය වටහා ගන්න. ‘සමනුපස්සති’ යනු වාහනය ගමන් කිරීමේ ක්‍රියාව වේ. අනුරාධපුරයේ සිට කොළඹට තමා පැමිණි බව පැවසීම ව්‍යවහාරික ලෝකයේ ‘පජානාති’ සහ ‘සමනුපස්සති’ අර්ථය වේ. අනුරාධපුර සිට කොළඹට වාහනය ගමන් කළ නිසා පැමිණි බව පැවසීම ‘සමනුපස්සති’ බව වැටහුන බවට ඒ ඒ කෙනා කරන ව්‍යවහාරය වෙයි. ඉංජිනේරුවරයා වාහනයේ ක්‍රියාව මනාව අවබෝධ කර ගැනීම ලෝකෝත්තර මාර්ග අංගය වන සම්මා දිට්ඨියෙන් දකින ආකාරය වන ‘පජානාති’ වේ.
ලෝකයෙන් එතෙර වන ලෙසට පෙන්වූ ධර්මය තුළ, සිදු වන ක්‍රියාකාරිත්වයන් ගැන පැහැදිලි කරන ‘සමනුපස්සති’ බව මනාව අවබෝධ වන්නේ ‘පජානාති’ වීමෙනුයි. එසේ ‘පජානාති’ නොවී තම තමන් ‘සමනුපස්සති’ බව වටහා ගැනීමට යාමේදී ‘සමනුපස්සති වටහා ගත්තා යැයි’ විශාල මුලාවකට පත්වේ. මේ පිළිබඳව සක්කාය දිට්ඨිය විග්‍රහ කරන විට තවත් හොඳින් පැහැදිලි වේ.
තම තමන්ගේ සිදුවන ක්‍රියාකාරිත්වය ‘නිත්‍ය, සැප, ආත්ම’ ලෙස වන්නේ නම් (සමනුපස්සති) ඔහුට ආර්‍ය මාර්ගයට පැමිනීමට නොහැකි බව අනිත්‍ය ආදී සූත්‍ර තුළ පෙන්වා දී ඇත. තම තමන් කල්පනා කිරීමෙන් තම තමන්ට යමක් නිරවුල් වූ විට එය තවත් ලැබීමකි. එය පිහිටීමකි. එය බැසගැනීමකි. එය තමන්‍ට අයිති දෙයකි. එය සක්කායකි. එනම් ඔහුගේ යෙදීම ‘නිත්‍ය, සැප, ආත්ම, නිබ්බාන දුක්ඛ’ සම්මර්ශනයකි (සමනුපස්සති). එබැවින් තථාගත දහම් මගට බැසගැනීමක් සිදු නොවේ.
‘අනිත්‍ය, දුක්ඛ, අනත්ත, නිබ්බාන සුඛ’ සම්මර්ශනය (සමනුපස්සති) සිදුවීමට නම්, තම තමන්ගේ ලෝකයේ (සිතන, කල්පනා කරන, වැටහෙන) සියලුම කරුණු නිස්සාර බව වැටහී සත්‍ය පෙන්වන කෙනාට නැඹුරුවිය යුතුයි. ඔහු පෙන්වන ගම්භීර තථාගත දහම පමණක් තම තමන්ගේ ලෝකයේ සිතන විදියෙන් තොරව මනසිකාර කළ යුතුයි. මෙසේ සිදුවන විටදී ම නොලැබී ම, නොපිහිටී ම, තමා බව නොයෙදී ම ඉක්මවීමේ සැපය ලෙසට සම්මර්ශනය (සමනුපස්සති) සිදුවේ. එනම් ‘අනිත්‍ය, දුක්ඛ, අනත්ත, නිබ්බාන සුඛ’ ලෙස සම්මර්ශනය වේ. සම්පූර්ණයෙන් ම ඔහුගේ චින්තන ස්වාභාවය සිදුවන්නේ, ගම්භීර තථාගත දහම සමග පමණක්ම වේ. ඒ සඳහා ශ්‍රද්ධාව ඇතිවිය යුතුයි. එනම් මනා පිළිගැනීමක් තිබිය යුතුයි. මෙසේ කල්පනා කරන විට නිස්සාර වූ තම තමන්ගේ අත්දැකීම් ලෝකය සමග කිසිසේත්ම ගැලපීම, විමසීම සිදුනොවේ. මන්ද යත් ඒ නිස්සාර අර්ථ ශුන්‍යත්වය නිසාම ශ්‍රද්ධාව ඇතිවී පිළිසරණකට යොමුවන බැවිනි. එසේ සිදු නොවන්නේ නම් ශ්‍රද්ධාව ත්, සරණ ත් ඇති නොවේ. තම තමන්ගේ අත්දැකීම් ලෝකය පමණක් තහවුරු වේ. ‘නිත්‍ය, සැප, අත්ත, නිබ්බාන දුක’ ලෙසට සම්මර්ශනය සිදුවේ.
පූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමීන්වහන්සේ
සක්කාය දිට්ඨි ප්‍රහාණය කිරීම පොත ඇසුරෙන්